Wednesday, May 23, 2012

ජංගම දත්ත සදහා Password Protection..


අප සියලු දෙනාටම පවතින ගැටලුවක් තමා අපගේ පෙන් ඩ්ර්යිව් එක ඒ වගේම මොබයිල් phone එකේ මෙමරි  sticks,මෙමරි cards අන් අයගේ භාවිතයෙන් වලක්වා ගන්න එක.දැන් බයවෙන්න දෙයක් නෑ.ඔන්න ඒකටත් අලුත් software කෑල්ලක් ඇවිල්ලා.මේක හදුන්වලා තියෙන්නේ USB Secure® 1.6.6  කියලා.මෙම software එක PC independent software එකක් ඒ නිසා ඉන්ස්ටෝල් කිරිම සහ administrator rights ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.USB Secure අපගේ පෙන් ඩ්ර්යිව් එකට එහෙම නැත්නම් මෙමරි Cards එකට ඇතුලත් කිරීම පමණයි අවශ්‍ය.අපේ drive එක කොම්පියුටර් එකට ප්ලග් ඉන් කරපු වහාම මෙය ක්රියාත්මක වෙනවා.අපට drive එකට පාස්වර්ඩ් එකක් දා ගන්න ඕනේ නම් පාස්වර්ඩ් එක සෙට් කරලා කන්ෆර්ම් කරන්න විතරයි තියෙන්නෙ.මේ නිසා අපට අපගේ data නැති වීමෙන් සහ data සොරා ගැනීමෙන් ආරක්ෂා කරගන්න පුලුවන් මොකද, වෙනත් කිසිවෙකුට පාස්වර්ඩ් එක නොමැතිව අපගේ drivers වලට පිවිසිය නොහැකි නිසා.වැඩි විස්තර ලබාගන්න මෙතන ඔබන්න.
Click here......

Windows 8 නොමිලේ අත්හදා බලමුද..?

ඔන්න යාලුවනේ අලුත්ම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි දැන් අපටත් අත්හදා බලන්න පුලුවන් වෙන විදියට Microsoft සමාගම නිකුත් කරලා.මේක නිකුත් කරේ පසුගිය පෙබරවාරි 29 වෙනිදා.මෙම සංස්කරණය හැදින්වෙන නම තමා Consumer Preview.තාක්ෂණික නාමය windows 8 build 8250.Microsoft නිල වෙබ් අඩවියෙන් මෙය නොමිලේම බාගැනීමේ හැකියාව තියෙනවා.මෙමගින් ලොව නවතම පරිගණක මෙහෙයුම් පද්ධතියක ගුණාංග අත්හදා බලන්න පුලුවන් වෙනවා විතරක් නෙවේ අනාගත පරිගණක භාවිතයේ ස්භාවයත් අවබෝධ කරගන්න පුලුවන්.

Monday, May 21, 2012

Array තුල දත්ත ගබඩා කරමු...

සමාන ඩේටා ටයිප් එකක් උපයෝගි කරගෙන variable කිහිපයක් සකසනවා වෙනුවට එක්  Array එකක් සකසනාවනම් පහසුය.මෙහිදි සකසන Array එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් elements ලෙස හදුන්වයි.මෙහි elements ගණන තීරණය කරන්නේ Array එක සකසන විටයි.Array එකක් සාමාන්‍යයෙන් සකසන ආකාරය පහත පරිදිය.
Data type එක [ ] හදුන්වන නම = new Data type එක [Elements ගණන] ;
උදාහරණයක් ලෙස
int [] integers = new int [10] ;
මෙහිදි Data type එක ලෙස යොදා ගත්තේ int වේරියබල් එකයි.වේරියබල් නාමය ලෙස  integers යොදාගෙන ඇත.මෙහි Elements ගණන 10ක් ලෙසද දී ඇත.

Saturday, May 19, 2012

දින තෝරා ගත හැකි Date Time Picker භාවිතා කිරීම


අපි කලින් පාඩමකින් වැඩසටහනකට calender එකක් එක් කර ගන්නා ආකාරය කතා කලා.අද ඔයාලට කියලා දෙන්න යන්නේ dateTime Picker කියන tool එක යොදා ගන්නා ආකාරය ගැන. dateTime Picker මගින් calender පිටුවම නොව, අදාල දිනය පමනක් ෆෝම් එක මත පෙන්විය හැකිය.
මුලින්ම Tool Box එ‍කේ ඇති dateTime Picker මත ඩබල් ක්ලික් කර dateTime Picker එකක් ෆෝම් එක මතට ලබාගන්න.මෙය අපට සාමාන්‍ය comboBox එකක් ආකාරයට දැක ගත හැකිය.මෙම dateTime Picker හි අපි කලින් කතා කල calender control එකෙහි දැකිය නොහැකි properties දැක ගත හැකිය.ඒවා මෙසේය
Format-මෙමගින් අපට තෝරා ගැනීමට option තුනක් ලබා දේ.එනම් long,short සහ time ලෙසය.මෙම option තුනෙන් අපට අවශ්‍ය  option එක  තේරීම මගින් දිනය සහ
වේලාව ලබා ගත හැක.

වැඩසටහනකට කැලැන්ඩරයක් එකතු කර ගැනීම


පරිගණක වැඩසටහන් සැකසීමේදි කැලැන්ඩර් පිටු යොදා ගැනෙන අවස්ථා බොහොමයක් තිබේ.මෙම පහසුකම c sharp වල ටුල් බොක්ස් තුලින්ම සපයයි. c sharp වල ටුල් බොක්ස් එකෙහි month calender ලෙස දැක්වෙන control එක මගින් අපට පහසුවෙන්ම කැලැන්ඩර් පිටුවක් අපගේ වැඩසටහනට ඇතුලත් කල හැකිය.ඒ සදහා අප කල යුත්තේ month calender control එක මත ඩබල් ක්ලික් කිරිම හෝ ඩ්රැග් කිරීම පමණයි.
කැලැන්ඩර් පිටු‍වේ වර්ණ වෙනස් කර ගැනීම සදහා අපට පහත සදහන් properties භාවිතා කල හැකිය.
  • BackColor Property-කැලැන්ඩර් පිටුවේ මැද කොටසේ වර්ණය වෙනස් කර ගත හැක.